දියේ ගිලී සිසුවෙක් අතුරුදන්

කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ දිය නාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු හදිසියේම ඊයේ (29) දා දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

එසේ අතුරුදන් වූ සිසුවා සෙවීමට ධීවරයින් පොලීසිය හා ගම්වාසීන් ඉරණමඩු වැව තුළ සෝදිසි කටයුතු සිදු කරමින් සිටින නමුත් මෙතෙක් ඔහුව හමු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙසේ අතුරුදන් වී ඇත්තේ කිළිනොච්චියේ තිරුමුරිකන්ඩි හින්දු විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මුරිකන්ඩි – වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් රුෂාන්තන් නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඔහු තවත් මිතුරන් කීප දෙනෙකු සමග දිය නාමින් සිටියදී එක්වරම අතුරුදන් වී ගිය බව ඉතිරි සිසුන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *