දියේ ගිලුණු සිසුවාගේ සිරුර හමුවෙයි

කොටුගොඩ – බෝලන්ද, ප්‍රදේශයෙදී් අත්තනගල්ල ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සිසුවාගේ සිරුර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක්.

කටාන ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවා තවත් සිසුන් දෙදෙනෙකු සමඟ ඊයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් සෙසු සිසුන් දෙදෙනාගෙන් පොලිසිය කට උත්තර ලබාගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,098

Leave A Reply

Your email address will not be published. Required fields are marked *