දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. මුහුදු ප්‍රදේශවල සුළඟ විවිධ දිශාවලින් හමා යා හැකි අතර, එහි වේගය පැයට කිලෝමීටර් 20-30ත් අතර අගයක පවතී. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මෘදු ස්වභාවයක් ගනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


























