අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ අතර, සූර්යයා උතුරට ගමන් කිරීමේ වාර්ෂික ක්‍රියාවලිය හේතුවෙන් අප්‍රේල් 05 සිට 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් හිරු මුදුන්ව පවතී. ඒ අනුව, අද (13) දහවල් 12:11 ට පෙසාලෛ, මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිතය. උදෑසන කාලයේදී බස්නාහිර, දකුණු සහ නැගෙනහිර වෙරළබඩ කලාපවල ද වැසි සහිත ස්වභාවයක් පැවතිය හැකි බව වාර්තා වේ.පවතින කාලගුණ තත්ත්වය හමුවේ එළිමහන් කටයුතුවල නිරත වීමේදී සැලකිලිමත් වීම වැදගත්ය. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත්, සූර්ය රශ්මිය සෘජුවම පතිත වන දහවල් කාලයේදී දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසත් කාලගුණ අංශ වැඩිදුරටත් මතක් කර සිටියි.























