දිවයිනට ඉහළින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වලාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇතිවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමට ඉඩ ඇති අතර, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, පුත්තලම සිට මන්නාරම, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මුහුදු ප්‍රදේශවල විටින් විට ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල පස්වරු හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇතිවේ. සුළං ඊසාන දිශාවෙන් හමන අතර වේගය පැයට කිලෝමීටර 20-30 ක් පමණ වේ. කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා ත්‍රිකුණාමලය සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා වැඩි විය හැක. කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා ත්‍රිකුණාමලය සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැකිය.
























