දිවයිනේ කාලගුණය යහපත් අතට: වැසි තත්ත්වයේ අඩුවීමක්!

මන්නාරම් බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින බැවින්, දිවයිනේ කාලගුණය කෙරෙහි එම පද්ධතියෙන් එල්ල වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, වයඹ සහ මධ්‍යම පළාත්වල ද සිහින් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.​මීට අමතරව, අලුයම කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *