දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ගංවතුර අනතුරු ඇඟවීමක්!

ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වල පිහිටි ගංගා ද්‍රෝණිවලට දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින්, මෙම දිස්ත්‍රික්කවල ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල සහ ගංගාවලට ආසන්නව පදිංචිව සිටින ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව පසුවිය යුතු බවට උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *