අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව යන පළාත්වලත්, මන්නාරම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර යන ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං හමන බැවින් සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ. මෙවැනි ආපදා තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි. විශේෂයෙන් එළිමහන් ස්ථානවල රැඳී සිටින පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.






















