උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී (පස්වරු 2.00 න් පසු) ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතේ සහ හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ බදුල්ල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























