දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: නුවරඑළියට මල් තුහින!

​අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.​විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව ද සඳහන් වේ. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ ඊසාන දෙසින් හෝ උතුරු දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කෙසේ වෙතත්, මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 980

Leave A Reply

Your email address will not be published. Required fields are marked *