දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, අද දින පස්වරු 2.00 න් පමණ පසුව ඌව සහ සබරගමුව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණ තත්ත්වයක් පවතින අතර, සුළං දිශාව වරින් වර වෙනස් විය හැක. මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 20-30 ත් අතර මට්ටමක පවතින බැවින් මුහුද සාමාන්‍ය ස්වභාවයේ පවතිනු ඇත.
























