අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී (පස්වරු 2.00 න් පසු) ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.මුහුදු ප්‍රදේශ සලකා බැලීමේදී, කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක් පවතිනු ඇත. සුළඟ ඊසාන දෙසින් හෝ නැගෙනහිර දෙසින් පැයට කිලෝමීටර් 20-30 ක වේගයෙන් හමා එන අතර, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බව දන්වා සිටියි.


























