දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි, මුහුද රළු විය හැකියි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දකුණු පළාතේ මෙන්ම කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර, සවස් කාලයේදී කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා සුළඟ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කෙසේ වෙතත්, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 909

Leave A Reply

Your email address will not be published. Required fields are marked *