දිවයින පුරා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක් තද වැසි අපේක්ෂා කළ හැක. උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


























