දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී (පස්වරු 2:00 න් පසු) වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇද හැලීමට ඉඩ ඇත. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.​මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ගත් කල, පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි වර්ධනය විය හැකිය. මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 25-35 ක් පමණ වන අතර, කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 45-50 දක්වා ඉහළ යා හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *