දිවයින ආශ්‍රිතව පවතින අඩු පීඩන වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, අද පස්වරු 1.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























