කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයන්ට අනුව, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් යුත් තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණයක් පවතින අතර සුළඟ ඊසාන දෙසින් හමා එනු ඇත.මුහුදේ සුළගේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30-40 ක් වන අතර, කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකිය. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.


























