දිවයින පුරා පිහිටි විහාරස්ථාන වලින් රුපියල් කෝටියකට අධික දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
.
ඔහු තිඹිරිගස්සාය ප්රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයකට ඇතුළු වී එහි තිබූ කැලේඩියානු ඩොලර් 100 ඇමරිකන් ඩොලර් 370 හා රුපියල් 80.000 මුදලක් සොරා ගැනීමට සංඝාවාසයට ඇතුළු වන අයුරු හා මුදල් සොරකම් කොට පිටව යන අයුරු ආරක්ෂිත කැමරාවක මෙසේ සටහන් විය
පසුව සිද්ධියට සම්බන්ධ සැකකරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සොරා ගත් කැනේඩියානු ඩොලර් 100 ඇමරිකානු ඩොලර් 200 පමණක් සැකකරු ළඟ තිබී සොයාගෙන තිබේ.