බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු මට්ටමේ වායුගෝලීය කැළඹිලි ස්වභාවය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ජනවාරි 8 වැනිදා සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙහි බලපෑම මත අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැක. විශේෂයෙන්ම ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවේ.


























