දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බැවින්, අද (21) දිනය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇත.​විශේෂයෙන් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ප්‍රබල තද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *