දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වය ඉහළට!

මධ්‍යම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දිවයිනේ කාලගුණයට සෘජු බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.​මුහුදු ප්‍රදේශ සැලකීමේදී, ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු තීරයේ විටින් විට වැසි ඇති වන අතර, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි ඇති විය හැක. සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වන අතර, කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද ප්‍රහාරක සුළං සමඟ මුහුද ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. තවද, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *