දිවයින පුරා වියළි කාලගුණයක්: නුවරඑළියට මල් පිණි මෝසම් අවදානමක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මල් පිණි (Ground frost) තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.​දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින අතර, සුළං දිශාව ඊසාන දෙසින් පැයට කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් හමා යනු ඇත. කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *