දිවුලපිටියේ ටයර් කම්හලක ගින්නක්! පැය කිහිපයකින් පාලනයට!

අද (ඉරිදා) දින උදෑසන දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ටයර් නිෂ්පාදන කම්හලක ගින්නක් හටගෙන තිබේ.​ගම්පහ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පිටත් කර හැර ඇති බවත්, ගිනි නිවන භටයින් පැය කිහිපයක වෙහෙසකර උත්සාහයකින් පසුව ගින්න පාලනය කිරීමට සමත් වූ බවත්ය.​මෙම සිද්ධියෙන් කම්හල තුළ තිබූ වාහන සහ උපකරණ කිහිපයක් විනාශ වී ඇති නමුත්, මේ දක්වා කිසිදු හානියක් හෝ ජීවිතක්ෂයක් වාර්තා වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 821

Leave A Reply

Your email address will not be published. Required fields are marked *