දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් හෙට (19) පෙරවරු 8:00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, දොළුව, උඩුදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා “රතු” (මට්ටම 3) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, නිල්දණ්ඩාහීන්න, වලපනේ සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා ද රතු නිවේදන නිකුත් කර ඇත. බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා “ඇම්බර්” (මට්ටම 2) හෙවත් දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින්, එම ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව දැනුම් දෙනු ලැබේ.


























