සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම කොළඹ, ගම්පහ, වවුනියාව, මන්නාරම, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ඉදිරියේදී ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිරුර විජලනය වීමෙන් වැළකී සිටීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, එළිමහනේ වෙහෙසකර කටයුතුවල යෙදීමේදී සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


























