දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

දිවයිනේ පළාත් කිහිපයකට අද (08) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපානු ඇත. අද දහවල් නිකුත් කරන ලද මෙම විශේෂ කාලගුණ නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත්, එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත. මෙම කාලගුණ තත්ත්වය මත සිදුවිය හැකි දේපළ හා ජීවිත හානි අවම කර ගැනීම සඳහා සීරුවෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *