දිස්ත්‍රික්ක 07 කට යළිත් නායයෑමේ අනතුරු ඇඟවීම්

නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 07 ක් සදහා හෙට පස්වරු 04 දක්වා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ,කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වෙතයි එම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, අදාළ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *