ගුවන් පාලමෙන් අධිවේගී මාර්ගයට වැටුණු සරසවි සිසුවාට දිවි අහිමි වෙයි

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් එකයි දශම දෙක කිලෝමීටර් කණුව අසල ගුවන් පාලම මත සිට අධිවේගී මාර්ගයට වැටීමෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලික සරසවියක ඉගෙනුම ලබන රුක්මලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

රාත්‍රී හතට පමණ මෙම සිසුවා හෝමාගම රෝහලට ආසන්නයේ ගුවන් පාලම මත යකඩ වැටමතින් මාර්ගයට වැටී ඇති අතර මාතර දෙසට ගමන් ගත් මෝටර් රථයකද ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුවී ඇති බවය සඳහන්.

බරපතළ තුවාල ලද සිසුවා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *