දිස්ත්‍රික්ක 11ක ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට!

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් ආශ්‍රිතව ඩෙංගු රෝග ව්‍යාප්තිය නැවත වරක් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව, වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බවත්, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළාය. මේ වසරේ ගතවූ කාලය තුළදී පමණක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් 40,392ක් වාර්තා වී ඇති අතර, එයින් මරණ 22ක් සිදු වී තිබීම තත්ත්වයේ බරපතලකම පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *