දිස්ත්‍රික්ක 13කට නායයෑම් අනතුරු ඇඟවීම් දිගු කරයි!

​ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම් හෙට(29) අලුයම 02.00 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා රතු අනතුරු ඇඟවීම් (Red Alerts) නිකුත් කර ඇත. එමෙන්ම, බදුල්ල, කොළඹ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා ඇම්බර් අනතුරු ඇඟවීම් (Amber Alerts) නිකුත් කර තිබේ. ඊට අමතරව, ගම්පහ, හම්බන්තොට, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ සඳහා කහ අනතුරු ඇඟවීම් (Yellow Alerts) ද නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 864

Leave A Reply

Your email address will not be published. Required fields are marked *