දිස්ත්‍රික්ක 4කට නායයාමේ අනතුරු ඇඟවීම්

මධ්‍යම කඳුකරයට ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. මෙම නිවේදනය හෙට (ජනවාරි 07) පෙරවරු 08.30 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.​මීට අමතරව, ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු මට්ටමේ (Yellow) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇළ, ලුණුගල සහ වැලිමඩ යන ප්‍රදේශත්, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රදේශයත් ඊට ඇතුළත් වේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවල වසන ජනතාවට ද විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇත. නායයාමේ ලක්ෂණ පෙනෙන්නට තිබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *