දුම්රියේ ගැටීමෙන්, දුම්රිය කාර්ය සහයකයෙකු මරුට..

මාර්ග පරීක්ෂාවකදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය කාර්ය සහයකයෙකු මියගොස් තිබේ.

ඒ, පැරකුම්පුර සහ අඹේවෙල අතර දුම්රිය මාර්ග පරීක්ෂාවකදී යි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, දියතලාවේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මන්නාරම සිරිනාවක්කුලම් ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටී 68 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ, තෛලයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත දුම්රියට ඥාතීන් පිරිසක් නංවන අවස්ථාවේදීයී.

ඥාතීන්, දුම්රියට නංවා, නැවත ඉන් බැසීමට උත්සහ කරන අවස්ථාවේ අනතුර සිදුව ඇත.

What's your reaction?

Related Posts

1 of 832

Leave A Reply

Your email address will not be published. Required fields are marked *