රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ඇති වූ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින්, දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍රය (Season Ticket) භාවිතයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස්රථවල ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව, දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රයක් ඇති මගීන්ට ලංගමයේ සාමාන්‍ය බස්රථවලින් නොමිලේ ගමන් කිරීමේ පහසුකම හිමි වේ.කෙසේවෙතත්, අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සියලුම සාමාන්‍ය බස්රථවල මෙම පහසුකම ලබා ගත හැකිය. මේ සම්බන්ධයෙන් දැනටමත් සියලුම ලංගම බස්රථ සේවකයින් සහ අදාළ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.


























