‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහනේ “Dream Destination” ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද තල්පේ දුම්රිය ස්ථානය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කරන ලද දිවයිනේ ප්‍රථම දුම්රිය ස්ථානය ලෙස මෙය ඉතිහාසයට එක්වේ.ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ, දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නවීකරණය කිරීමයි. පිරිසිදු, ආකර්ෂණීය සහ මගී හිතකාමී දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීම මෙහි මූලික ඉලක්කය වන අතර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු සියලුම මගීන් සඳහා ආරක්ෂාව, ප්‍රවේශවීමේ පහසුව සහ සුවපහසුව තහවුරු කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් පියවර ගෙන ඇත.


























