දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කටුනායක දී අත් අඩංගුවට

කල්පිටියේ ධීවරයෙකු රුපියල් මිලියන 4.5 ක විදේශ සිගරට් තොගයක් සමඟ කටුනායකදී අත්අඩංගුවට පත්ව ඇත. ​පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම පුද්ගලයා, රුපියල් මිලියන 4.5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගෙන ඒමට තැත් කිරීම සම්බන්ධයෙන් අද (5) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.​සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (BIA) අදාළ තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කරද්දී, ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද අලුයම 5.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණ ඇත.​ඔහුගේ ගමන් මලු දෙකක සඟවා තිබූ “ප්ලැටිනම්” (Platinum) සිගරට් අඩංගු කාටන් 150 ක් (සිගරට් 30,000 ක්) බලධාරීන් විසින් සොයා ගන්නා ලදී.​අත්අඩංගුවට ගත් මගියා සහ සිගරට් තොගය ඔක්තෝබර් 8 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 778

Leave A Reply

Your email address will not be published. Required fields are marked *