මැදවච්චිය බස් නැවතුම්පළෙන් දුර සේවා බස් රථ වලින් කලක පටන් බාහිර පාර්ශ්වයක කල්ලියක් කප්පම් ලබා ගැනීම පිළිබඳ මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාට සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතාට ලද නිර්නාමික දුරකථන ඇමතුම් සහ ලිඛිතව ලද පැමිණිළි හේතුවෙන් හදිසියේම අද (08) දහවල් මැදවච්චිය බස් නැවතුම්පළට සිවිල් ඇඳුමින් සැරසුණු උපාය ධූතයන් සහ මැදවච්චිය පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් යොදවා සූක්ෂම ලෙස ජංගම දුරකථනයන්ගෙන් පටිගත කර ගන්නා ලද වීඩියෝ දර්ශන ද සහිතව අදාළ කප්පම් කල්ලියේ පුද්ගලයෙකු අදාළ අල්ලස් මුදල් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසීයට හැකිවිය.
මෙලෙස අත්අඩංගුවට ගැණුනේ අංක 16, ඉසින්බැස්සගල, මැදවච්චිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු 32 ක් වයසැති රංබණ්ඩාගේ සමිත් චාමිකර බණ්ඩාර යන අයයි.ඔහු “ බට්ටා “ යන අන්වර්ථ නාමයෙන් ප්‍රදේශයේ ජනප්‍රිය වී ඇත. ඔහු මීට පෙර බස් රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර මිට වසර කිහිපයකට පෙර සිදු වූ අනතුරක් හේතුවෙන් වම් පාදයට හානි සිදු වී ඇත.ඔහු කිහිළිකරුවක ආධාරයෙන් ඇවිදිමින් මෙම ක්පපම් ගැනීම සිදු කරනු ලබන බව පොලීසිය සඳහන් කළේය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩටසහන යටතේ උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නව සභාපතිතුමන් සහ සාමාන්‍යාධිකාරීතුමන් පසුගිය කාලයේ මුදල් මත සිදු වූ සියළු දූෂණ වංචා නවත්වාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග යටතේ මෙම හදිසි වැටලීම ද සිදු විය.
මෙහිදී කප්පම්කරුවන් ඉතා සූක්ෂම අන්දමින් අදාළ දුර ගමන් සේවා බස් රථ වලින් මුදල් ලබා ගන්නා ආකාරය නිරීක්ෂණය කර ගැනීමට හැකි වී තිබේ.කප්පම් ලබා ගන්නා පිරිස් සෘජුව බස් රථ වලින් මුදල් ලබා ගන්නා අතර ඔවුන්ට සැක සහිත පිරිස් බස් නැවතුම්පළ තුළ ගැවසේ නම් ඔවුන් වඩේ විකුණන වෙළෙන්ඳන් හා රට කජු විකුණන වෙළෙන්ඳන් හරහා බස් කොන්දොස්තරවරුන්ගෙන් අදාළ මුදල් ලබා ගෙන කප්පම් කල්ලියට ලබා දෙන අයුරු සොයා ගන්නා ලදී.මෙය පැය 24 පුරා මෙම කල්ලිය විසින් බස් රථ වලින් මුදල් එකතු කිරීමේ කර්තවෘයේ නිරත වන බව බස් රථ වෙළෙඳාමේ යෙදෙන පිරිස් මෙහිදී පවසන ලදී.
එසේම දුර සේවා බස් රථයක් සාමාන්‍යයෙන් බස් රථයක් ගමනාරම්භයේ සිට අවසානය දක්වා බස් රථ කප්පම් ලෙස දෛනිකව දිනකට රුපියල් 8000/= කට වැඩි මුදලක් ලබා දෙන බව අදාළ බස් රථයේ කොන්දොස්තර මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය විය.
මෙහිදී උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති මුදිත් ප්‍රසන්න මහතා බස් නැවතුම්පළ තුළ වෙළෙඳාම් සිදු කරනු ලබන ජංගම මඟීන්ට ප්‍රකාශ කළේ,
ආපහු මෙහෙම වැඩ වෙන්න බෑ.අපි ඉන්නේ ඒකට.කිසිම කෙනෙක් ආපහු වෙන අයට සල්ලි දීලා අහු වෙන්න බෑ.විශේෂයෙන්ම ජංගම වෙළෙඳාමේ නිරත වෙන ඔයාලා මේ වැඩේ කරන්න එපා.කරුණාකරලා මොකද මං මේ වැඩේ කවුරු කීවත් නවත්තන්නේ.අපේ බස් නැවතුම්පළ සේවකයෝ ඉස්සර වගේ නෙවේ.එයාලා සල්ලි ගන්නෙත් නෑ.අපි ගන්නෙත් නෑ.එහෙනම් වෙළෙඳාම් කරන අරමුණින් වෙන වෙන අයට කප්පම් මුදල් ලබා දෙන තෝල්ක වැඩේ කරන්නත් එපා ඔයාලා.මොකද ඔයාලා මේ වැඩේ අතරමැදියෝ වුණොත් මං තරා තිරම නොබලා නීතිමය කටයුතු කරනවා.මට හරියට කප්පම් ගන්න අයගේ විස්තර දෙන්න.නැත්තන් අමාරුවේ වැටෙන්නේ අහිසංකව වෙළෙඳාමක් කරන් ඉන්න ඔයාලමයි.මොකද ඔයාලට පැහැදිළි පරිසරයක් හදන්න අපි ගන්න ඕන සියළු ක්‍රියාමාර්ග ගන්න සූදානම්. යැයි පැවසීය.
මෙම වැටලීම සඳහා මැදවච්චිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.කේ.එස් අධිකාරී මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක බුද්ධදාස මහතා , පොලිස් සැරයන් 64303 ප්‍රදීප්, පොලිස් සැරයන් 47815 නන්දසිරි යන අය සහභාගී විය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08) කැබිතිගොල්ලෑව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.