ලොව පළමු වරට පැවැත්වූ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (නොවැම්බර් 23) සමත් විය. මෙම අවසන් මහා තරගයේදී නේපාල කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් ඉන්දියාව මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය, මෙරට පැරණිතම ටෙස්ට් ක්‍රීඩාංගණය වන කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 6ක් සහභාගී වී තිබුණි.





















