දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ ගැටළුවලට ප්‍රගතිශීලී විසඳුම් දෙනවා

දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ ගැටළුවලට සිය රජයක් යටතේ ප්‍රගතිශීලී විසඳුම් ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සමග කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී.

දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ උපකරණ සඳහා බදු ගෙවීමට සිදුවන අතර අප රජයක් යටතේ නියත බදු සහනයක් ලබා දීමට කටයුතු කරන බව එහිදී විපක්ෂනායකවරයා කියා සිටියා.

එමෙන්ම ජල විදුලි බිල් සඳහා ද දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයින්ට සහනයක් මීට පෙර රජයන් ලබා දුන්නාද මේ වන විට එම සහන ඉවත් කර තිබෙන බව ද විපක්ෂනායකවරයා පවසනවා.

ඒ අනුව තම රජයක් යටතේ ඒ වරප්‍රසාදය ලබා දීමට කටයුතු කරන බව ඔහු පවසා සිටියා.

දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ කටයුතු සඳහා විශේෂ විදේශ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *