ශාරීරික දඬුවම් තහනම් කිරීමේ පියවර විවේචනය කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ, එයින් අනවශ්‍ය ගැටලු රාශියක් ඇති විය හැකි බවයි.නායකකන්ද ශාන්ත ජෝන් බැප්ටිස්ට් දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.“අලුතින් ගෙන ඒමට යන ශාරීරික දඬුවම් තහනම් කිරීමේ නීතිය අනුව, දරුවෙකුට තම දෙමවුපියන් යම් දෙයක් සම්බන්ධයෙන් අවවාද කළත් ඔවුන්ට විරුද්ධව පැමිණිලි කළ හැකියි. මෙය එම නීතියෙන් ඇති විය හැකි භයානක තත්ත්වයක්. එවැනි තත්ත්වයක් තුළ ගුරුවරුන්ට කුමක් සිදු වේදැයි අපට සිතා ගත හැකියි.” යනුවෙන් කාදිනල් හිමිපාණන් පැවසීය.“මෙවැනි නීති බටහිර රටවල පවතිනවා. අප බටහිර අනුකරණය නොකළ යුතුයි. බටහිර රටවල ජනතාව ආගම් අදහන්නේ නැහැ. ඔවුන් නිදහස් චින්තකයන්. අපට අපේම සංස්කෘතියක් ඇති නිසා ශ්‍රී ලංකාවට එවැනි සංකල්ප අවශ්‍ය නැහැ. රජය අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කිරීම අපට අවශ්‍ය නැහැ.” යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.