දෙමස්සිනාලගේ ගැටුමෙන් මස්සිනෙක් මරුට

මොරොන්තුඩුව පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ මස්සිනා අතර ඇති වූ මතභේදයක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ බණ්ඩාරගම, වලගම ප්‍රදේශයේ පදිංචි ලසන්ත පුෂ්ප කුමාර නැමැති 30 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සිය මිතුරන් පිරිසක් සමග යතුරුපැදිවලින් මොරොන්තුඩුව පොල්හේන ප්‍රදේශයේ පදිංචි සිය නැගණියගේ නිවසට ආයුධ සන්නද්ධව ඊයේ රාත්‍රියේ ගොස් තිබෙනවා.

ඒ, නැගණියගේ ස්වාමිපුරුෂයා සමග පැවැති දීර්ඝ කාලීන ආරවුලක් හේතුවෙන්.

එහිදී නිවසේ සිටි නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ පියා මෙම තරුණයාට පහර දී ඇති අතර ඔහු සමග පැමිණි මිතුරන් නැවත බණ්ඩාරගම නගරයට පැමිණ තිබෙනවා.

සිය නැගණියගේ නිවස අසල අතුරු මාර්ගයක තුවාල සහිතව වැටී සිට ඇති තරුණයා පසුව ගෝනදුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිසිය සදහන් කළේ.

මියගිය පුද්ගලයාගේ මස්සිනාද කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී මොරොන්තුඩුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *