දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම, හිටපු විපක්ෂ නායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

මියයන විට සම්පන්ධන් මන්ත්‍රීවරයා 91 වෙනි වියේ පසුවූ අතර, ඔහු කලක සිට යම් අසනීප තත්ත්වයකින් පෙලීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීමට නොහැකි බවට දන්වා නිවාඩුද ලබාගෙන තිබුණා.

වෘත්තියෙන් නීතිඥයෙක් වූ ඔහු, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද, 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම, ඔහු යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල, ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලය, ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *