ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක්, දෙමළ ශිෂ්‍ය කණ්ඩායම් සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) පියවර ගෙන ඇත. මීට පෙර කේම්බ්‍රිජ් සංගමය ද විරෝධතා හේතුවෙන් මතුවිය හැකි ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින් ඔහුගේ දේශනය අවලංගු කළේය. සිසුන්ට නිදහසේ ප්‍රශ්න ඇසීමට ඇති හැකියාව පිළිබඳව මතු වූ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති කැතරින් යැං ප්‍රකාශ කර ඇති අතර, අදාළ විෂය කරුණු සම්බන්ධයෙන් සමීපතම සබඳතාවක් ඇති සිසුන් සැලකිය යුතු පිරිසක් විවෘතව ප්‍රශ්න ඇසීමට තමන්ට ආරක්ෂිත වටපිටාවක් නොමැති බව දැනුම් දුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. සියලු පාර්ශ්වයන්ට සමාන ලෙස අදහස් දැක්වීමට නොහැකි වීම සංගමයේ විවාදශීලී අරමුණුවලට පටහැනි බව පෙන්වා දුන් ඇය, විකල්ප ක්‍රමවේද පිළිබඳව සලකා බැලුවද සෘජු සහභාගීත්වය නොමැති වීම නිසා මෙම තීරණය ගත් බව පවසයි.මේ වන විට බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත නාමල් රාජපක්ෂ මහතා, සිය වැනි සංවත්සරය සමරන ලන්ඩන් බෞද්ධ විහාරයට ද ගොස් ආගමික වතාවත්වල නිරත විය. කෙසේ වෙතත්, 2009 වසරේ පිහිටුවන ලද ‘තමිල් සොලිඩාරිටි’ (Tamil Solidarity) නම් ඩයස්පෝරා සංවිධානය, යුද අපරාධ චෝදනා සහ වගවීම පිළිබඳ ගැටලු පෙන්වා දෙමින් මන්ත්‍රීවරයාට මෙවැනි වේදිකාවක් ලබා දීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළේය. ඔහුට දේශනය සඳහා අවස්ථාව ලබා දීම දේශපාලනික වශයෙන් ඔහුව ප්‍රතිස්ථාපනය කිරීමක් (Political rehabilitation) බඳු යැයි තර්ක කළ එම සංවිධානය, දේශනය පැවැත්වුවහොත් විරෝධතා පවත්වන බවට ද අනතුරු අඟවා තිබුණි.


























