දෙවිනුවර වෙඩි තැබීමකින් මසුන් වෙළෙන්දෙකු මරුට

මාතර, ගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට මසුන් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *