මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දෙහි බාලේ’ නමැත්තාට අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම යාත්‍රා පහ දික්වැල්ල ධීවර වරායේ නවතා තිබියදී මෙලෙස සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වැඩිදුරටත් වාර්තා වන්නේ, එම යාත්‍රා වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 200ක් බවයි.























