දේශපාළණ හය්යට අනුව, සේවාවන් බෙදාගෙන වැටුප් වැඩි කලොත්, වැටුප් ප්‍රතිපත්තිය විතරක් නෙවේ, රාජ්‍ය සේවාවම අවුරුදු හතලිහකින් විතර ආපස්සට යනවා – රවී කුමුදේශ් කැඳවුම්කරු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය

වහාම වැටුපොමිෂන් එකක් පත් කරන්න. ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සිදුකරන්න. රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීම දේශපාලනීකරණය කරන්න එපා.

සාකච්චා වලට කැඳවන්නේ කාඩර්වරු විතරයිනම්, ඒක ජනාධිපති සාක්ච්චාවක් වෙන්නේ කොහොමද?

මාස තුනක් ඇතුලේ වෙනස් කරපු දේවල් විසඳන්න, මාස තුනක් මදි නේද කියලා අපෙන් අහන්න එපා. අපි මේ කථා කරන විෂමතා සියල්ල, ආණ්ඩුව පත්වුණාට පස්සේ ගත්ත තීරණ නිසා ආපස්සට ගිහිං තියනවා.

  1. සෞඛ්‍ය සේවාවට විශ්‍රාම වයස් දෙකක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැදුවේ තාවකාලිකව. . වර්තමාන ආණ්ඩුව එක ස්ථීර කරල තියෙනවා. ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ එකඟතා අනුව විශ්‍රාම වයස අඩු කරන්න රනිල්ගේ ආණ්ඩුවට ඕන උනා. ඒ වෙලාවේ හැට තුන විශ්‍රාම වයස විදිහට සලකපු කණ්ඩායමකට එකවර විශ්‍රාම වයස අඩු කරන්න නොහැකි වුනු නිසා කණ්ඩායමකට විතරක් හැට තුන විශ්‍රාම වයස විදිහට තියෙන අතර අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයසඅඩු කරා. නමුත් අවුරුදු දෙක තුනක් ඇතුලේ විශ්‍රාම වයස සමාන වන ප්‍රතිපත්තියක් හදන්න පස්සේ ඒ රජය තීරණය කරා. නමුත් වර්තමාන ආණ්ඩුව ඒක සදාකාලික කරලා තියෙනවා. ඉස්සර අපිට තිබුණු තාවකාලික ප්‍රශ්නය දැන් සදාකාලික වෙලා තියෙනවා.
  2. වෛද්‍ය නිලධාරීන්ට විතරක් දැඩි කියලා දීමනාවක් රනිල්ගේ ආණ්ඩුව දුන්නේ, ඔවුන්ට විතරක් ආදායම් බද්දක් කැපෙන නිසා කියලයි මුදල් අමාත්‍යාංශය කිව්වේ. වර්තමාන ආණ්ඩුව ඒ ආදායම් බද්ධ අයින් කරලා තියෙනවා. දැන් ඉන්නෙත් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්ව තමයි. ප්‍රතිපත්තිය වෙනසකුත් නෑ. එහෙමනම් ඉස්සර දීපු උත්තරයවත් දැන් වලංගු වෙන්නෙ නෑ. ඒ නිසා ඒ මුදල් අමාත්‍යාංශයේම හදපු තාක්ෂණික වාර්තාවේ ඉතුරු ටික අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදෙන එක ආණ්ඩුවේ වගකීමක්.
  3. රාජ්‍ය සේවකයාගේ වැටුප විවිධාකාරයෙන් වැඩි කිරීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සමාන්තර වැටුප් විෂමතාවයක් ඇතිවුණා. තිබිච්ච ආණ්ඩුවෙන් ඒක විසඳුවේ නැතිවුණත් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව පාදක කරගෙන ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හදන්න තිබිච්ච ආණ්ඩුව එකඟ වුණා. එකට වැටුප් කොමිෂන් එකක් පත් කළා. ඒ කොමිෂන් එකේ වාර්තාවේ ඒ ප්‍රතිපත්තිය පැහැදිලිව සඳහන් වෙනවා. නැවත වතාවක් ගුරුවරුන්ට වෙනවැටුපක්, වෛද්‍යවරුන්ට වෙනම වැටුපක් කියල වැටුප් ක්‍රමයක් හැදුවොත් ඒ ප්‍රතිපත්ති සියල්ල අවුරුදු 40කින් විතරර ආපස්සට යනවා. ඒ නිසා ආණ්ඩුව මේ වෙලාවේ කරන්න ඕනේ ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අදාල අධ්‍යයනයන් සිදුකරලා වැටුප් වැඩි කරන එක. රනිල්ගේ කොමිසම පිළිගන්නේ නැත්නම් ආණ්ඩුව වහාම වැටුප කොමිෂන් එකක් පත් කරන්න ඕනේ. එහෙම නැතුව ජනාධිපතිතුමාට හරි දේශපාලන පක්ෂ වලට ඕන විදිහට හරි වැටුප් අඩු වැඩි කරන එක විශාල වැරැද්දක්.

රවී කුමුදේශ් කැඳවුම්කරු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *