දේශබන්දු අද පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ, අද පස්වරු 2.00 ට පමණ ඔහු කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට කමිටුවක් පත් කෙරිණ.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා, එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටින්නේ, පළමු වරටයි.

What's your reaction?

Related Posts

1 of 762

Leave A Reply

Your email address will not be published. Required fields are marked *