දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රිමාන්ඩ්…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ, මීට ටික වේලාවකට පෙර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, පසුගිය පෙබරවාරි 28 වැනිදායි.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙනි.

දින 20 ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ අධිකරණයට භාර වූයේ, මෝසමක් ගොනු කරමින්.  

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *