දේශබන්දු ධුරයෙන් ඉවත් කරන විමර්ශන කමිටුවට සාමාජිකයින් පත් කෙරේ…

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ සම්මතවූ යෝජනාවට අනුව කථානායකවරයා විසින් චෝදනා විමර්ශනය සඳහා පරීක්ෂණ කමිටුව පත්කර තිබේ.

2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්යය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට පත්කරන පරීක්ෂණ කමිටුවේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත්කර තිබේ.

පනතට අනුව මෙම නම් කිරීම සිදුකරන්නේ අගවිනිසුරුවරියයි.

අගමැතිවරිය සහ විපක්ෂ නායකවයරයාගේ එකඟතාවයෙන් පත්කරන සාමාජිකයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා පත්කර තිබේ.

ඔහු මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයායි.

පනතේ විධිවිධාන අනුව පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක මහතා නිල බලයෙන් පරීක්ෂණ කමිටුවට පත්කර ඇත.

මෙම පරීක්ෂණ කමිටුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කර නිගමනය දැනුම් දීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ඔහු ඉවත්කිරීමට අදාළව ජනාධිපතිවරයාට කරන යෝජනාවක් නැවත සම්මත කළ යුතුයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *