​දේශීය වෙදකම නංවන්නට ඉන්දියාවේ සහය: සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සම්මේලනයට එක්වෙයි

​ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 2 වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රදායික වෛද්‍ය ගෝලීය සමුළුවට සහභාගී වී තිබේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ දෙසැම්බර් 17 සිට 19 දක්වා පැවති මෙම සමුළුව “සමතුලිතතාවය ප්‍රතිස්ථාපනය කිරීම: සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ විද්‍යාව හා ප්‍රායෝගික භාවිතය” යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඉන්දියාවේ ආයුෂ් (Ayush) අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ බවයි. මෙහිදී අමාත්‍ය මණ්ඩල වටමේස සාකච්ඡාවකට එක්වූ නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකාවේ ආයුර්වේදය සහ සම්ප්‍රදායික හෙළ වෙදකම සතු දීර්ඝ ඉතිහාසය හා අත්දැකීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත. ​මෙම සංචාරය අතරතුර ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් සහ ආයුෂ් අමාත්‍ය ප්‍රතාප්රාවෝ ගණපත්‍රාඕ ජාදව් යන මහත්ම මහත්මීන් සමඟ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. එහිදී දෙරට අතර සෞඛ්‍ය සේවා සහ දේශීය වෙදකම ශක්තිමත් කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ඇති කිරීම සහ නියාමන සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය. මීට අමතරව, ඉන්දියාවේ ඇපලෝ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලි සහ සෞඛ්‍ය සේවා සැපයීමේ නවීන ක්‍රමවේදයන් පිළිබඳවද අධ්‍යයනය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 899

Leave A Reply

Your email address will not be published. Required fields are marked *