2024.12.25 දිනට යෙදෙන නත්තල් දිනය වෙනුවෙන්* අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කර ඇත.මෙහිදී,*•* *ගතකරන ලද එක් වර්ෂයක් වෙනුවෙන් සති 01ක සමාවක් ප්‍රදානය කිරීම.**•* *සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත නිදහස් කිරීම.*මෙම නිර්ණායකයන් යටතේ *ජනාධිපති පොදු සමාව හිමි (ස්ත්‍රී හා පුරුෂ) රැදවියන් 389 කට මෙවර නිදහස හිමි වී ඇත.*ඒ අනුව 2024.12.25 වන දින මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 48, වාරියපොල බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක් හා වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක් අතුළුව දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකින්ම සිරකරුවන් නිදහස් වීමට නියමිතව ඇත.